ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි..

by Staff writer 26-12-2021 | 8:28 PM

COLOMBO (News 1st) – නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අයෙකි. ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඬක් නැගූ චරිතයක් ලෙස සැලකෙන අතර මියයන විට උන්වහන්සේගේ වයස අවුරුදු 90 කි. දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය අවසන් කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රබල චරිතයක් ලෙස ද උන්වහන්සේ කැපී පෙනේ.