English
தமிழ்
කර්තෘ Staff writer
26 Dec, 2021 | 8:37 pm
නව චක්‍රලේඛයක් නිකුක් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට පුද්ගලයෙකු විදේශිකයෙකු සමග විවාහ වීමේදී පළමුව විදේශීය පාර්ශ්වය තම රටේ ආරක්ෂක අංශවලින් සහතිකයක් ලබා ගත යුතු බවයි.
එම සහතිකයේ, මෙරට පුද්ගලයා විවාහ වන විදේශීය පාර්ශ්වය ආසන්න මාස 06 ක් තුළ කිසිදු අපරාධමය චෝදනාවක් ලබා නොතිබිය යුතු බවට සඳහන් විය යුතු ය.
අනතුරුව මෙරට පාර්ශ්වය හෝ මෙරට පාර්ශ්වයේ නියෝජිතයෙකු පමණක් එම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත භාර දිය යුතු ය.
පසුව එම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්වේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය මෙරට ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කෙරෙනු ඇති.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දෙන නිෂ්කාශන වාර්තාවට අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් විවාහ වීමට බලපත්‍රයක් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කෙරේ.
අනතුරුව විවාහය ලියාපදිංචි කිරීමට අවසර ලැබෙන අතර මෙම නීතියට අනුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පහත සඳහන් ලියකියවිලි භාර දිය යුතුයි.
01 . වලංගු විදේශ ගමන් බලපත්‍රයක් , එහි පිටපතක් සහ වලංගු වීසා පතක්
02. විදේශීය පාර්ශ්වයේ සිවිල් තත්ත්වය තහවුරු කෙරෙන එරට සහතිකයක්.
03. රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය
04. විදේශිකයා විසින් සැකසූ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්.
05. උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්
රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා පවසන්නේ , ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නව රෙගුලාසි ඉදිරිපත් කර ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුදල් විශූද්ධීකරණයට සම්බන්ධ විදේශිකයින් මෙරට පුද්ගලයින් සමග විවාහ වීම වැළැක්වීමට ද නව රෙගුලාසි දැමීමට හේතුවක් බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළේ ය.
26 Jun, 2022 | 09:18 PM
26 Jun, 2022 | 05:09 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS