by Staff writer 25-12-2021 | 9:14 PM
COLOMBO (News 1st) - ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ
ඒ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ය.
ආධුනික කාන්තා පොලිස් නිලධාරිනියකට, ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ .
ඊයේ (24) උදෑසන ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ආධුනික කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර සිදුකිරීමට තැත් කර ඇති බවට, පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ලැබී තිබුණි.
ඒ, පොලිස් නිල නිවස තුළදීය.
ඒ අනුව, අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා අද (25) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරීමට නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මීළඟ නඩු දිනය වන විට සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.