වල්සපුගල ගොවි උපවාසය තවදුරටත්..

වල්සපුගල ගොවි උපවාසය තවදුරටත්..

by Staff writer 25-12-2021 | 8:12 AM

COLOMBO (News 1st) : හම්බන්තොට, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව ආරම්භ කළ සත්‍යග්‍රහයේ 5 වැනි දිනය අදයි.

ගැසට් කළ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස මෙම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලමින් පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගලදී ඇරඹූ දින 105 ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ඊට විසඳුම් දෙන බවට බලධාරින් පොරොන්දුවීම හේතුවෙන් ය.