මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති‌‌ගෙන් අනතුරු ඇඟවී

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය W.A. විජේවර්ධනගෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 25-12-2021 | 9:45 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට ලබන වසරේදී දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා අනතුරු අඟවයි .

ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ බැංකුවලට විදෙස් විනිමය සහ පහසුවෙන් ලබාගත හැකි රුපියල් නොමැති බව ය. මහ බැංකු දත්තවලට අනුව ඊයේ (24) දින වන විට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ, රුපියල් බිලියන 456 ක හිඟයක් පවතී. ගිය සතිය තුළදී එම හිඟය පැවතියේ බිලියන 422 ලෙසය, දැනට පවතින මෙම මුදල් හිඟය පියවීමට මහ බැංකුව මගින් අනෙකුත් වාණිජ බැංකු සඳහා 6% ක පොලියක් යටතේ මුදල් ලබා දෙනු ඇත. ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පවසන්නේ , මෙම තත්ත්වය ඇතිවීමට හේතුව විනිමය අනුපාත සහ පොලී අනුපාත කෘතිම ලෙස පාලනය කිරීම බවය. මේ අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබාදෙන රුපියල් 10 දිරි දීමනාව ලබන වසරේ ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහ ද බැංකුව තීරණය කළේ ය.