by Staff writer 25-12-2021 | 7:30 AM
COLOMBO (News 1st) : නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන්ට ආහාර පාර්සල් ලබාදීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අනිද්දා දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි.
සිරකරුට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය වන කිරිපිටි, සීනී, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සරිලන ප්‍රමාණයක් රුපියල් 2500 මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ එක්වතාවකදී තැන්පත් කර, පවතින නීතිවලට යටත්ව ලබා දීමට ද අවස්ථාව හිමි වේ.
ඊට අමතරව නත්තල් උත්සවය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආගමික වැඩසටහන් පැවැත්වෙන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.