දුම්රිය ස්ථානාධිපති වර්ජනය අදත්..

දුම්රිය ස්ථානාධිපති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව..

by Staff writer 25-12-2021 | 6:30 AM

COLOMBO (News 1st) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත්(25) අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාර්සල් භාරගැනීම හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු වන්නේ නැහැ. කෙසේ වෙතත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය. දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීම, අබලන් මැදිරි ධාවනයට එක් කර මගී ජීවිත අනතුරේ හෙළීම ඇතුළු කරුණු ගණනාවක් පෙන්වා දෙමින් දුම්රිය ස්ථානාධිපතවරුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වේ. ඊයේ දිනයේ පැවැති සාකච්ඡාවලදී ගැටළුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ ය.