by Staff writer 25-12-2021 | 5:26 AM
දේශීය පුවත්
1. BOC දිගුකාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම පහත දමයි – ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රේණිගත කිරීම් ආයනතයක් වන ෆිච් රේටින් ආයතනය විසින් ලංකා බැංකුවේ(BOC) දීර්ඝ කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම පහත හෙළා තිබේ.
2. වාර්තාගතව ඉහළ යන කොටස් වෙළෙඳපොළ.. – කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක ඊයේ (24) වාර්තාගත ලෙස ඉහළ ගියේ ය.
3.පුදුකුඩුඉරිප්පු දැරිය ඝාතනය: මව, පියා සහ සහෝදරියත් අත්අඩංගුවට : පුදුකුඩුඉරිප්පු, මුංගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේදී දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
4.විදුලි කප්පාදුව අවසන්.. – විදුලිබල අමාත්‍යාංශය : නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රයක් පද්ධතියට එක්කර ඇති බැවින් ඊයේ(24) සිට විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි, විදුලිබල අමාත්‍යාංශය පවසයි.
5.ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි :කුරුණෑගල, පන්නල පල්ලේගම කුකුළු සත්ත්ව ගොවිපොළක ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නකින් කුකුළන් 3,000ක් පමණ පිළිස්සි මියගොස් ඇතැයි, පොලිසිය පවසයි.
විදෙස් පුවත්
1.බංග්ලාදේශයේ නෞකාවක ගින්නකින් 32 දෙනෙකු මියයයි : බංග්ලාදේශයේ මගී ප්‍රවාහන නෞකාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.