සැරයන්වරයෙකු තිරුක්කෝවිල් පොලීසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 04ක් මරුට..

සැරයන්වරයෙකු තිරුක්කෝවිල් පොලීසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 04ක් මරුට..

සැරයන්වරයෙකු තිරුක්කෝවිල් පොලීසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 04ක් මරුට..

කර්තෘ Staff writer

25 Dec, 2021 | 10:47 am

COLOMBO (News 1st) : අම්පාර, තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 04 දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් සැරයන්වරයෙකු ඊයේ(24) රාත්‍රි මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.

නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස් සැරයන්වරයෙකු විසින් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගෙන පොලිස් ස්ථානයේ සිටි නිලධාරින්ට හා එම ස්ථානයේ එතැනට පැමිණි ස්ථානාධිපතිවරයාට ඇතුළු පිරිසකට වෙඩි තබා ඇති බවය.

තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් තිදෙනෙකු රෝහල්ගතව සිටී.

මෙම වෙඩි තැබීමෙන් අනතුරුව එම පොලිස් සැරයන්වරයා T56 ගිනි අවි 02ක් හා ඊට භාවිතා කරන පතොරම් 19ක් ගෙන පෞද්ගලික කැබ් රථයකින් ඇතිමලේ ප්‍රදේශයට ගොස් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට භාර වී තිබේ.

අදාළ සැරයන්වරයා වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මූලස්ථාන පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]