වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී..

වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී..

by Staff writer 24-12-2021 | 5:07 PM

COLOMBO (News 1st) –  දින 04 ක් පුරා පැවති දීප ව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, අද (24) පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු එම තීරණයට එළැඹී බවයි. මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, ස්ථාන මාරුවීම් පිළිබඳ ගැටලුවක් මුල්කර ගනිමින් ය.