බංග්ලාදේශයේ නෞකාවක ගින්නකින් 32 කු මියයයි

බංග්ලාදේශයේ නෞකාවක ගින්නකින් 32 කු මියයයි

by Staff Writer . 24-12-2021 | 3:59 PM

COLOMBO (News 1st) :  බංග්ලාදේශයේ මගී ප්‍රවාහන නෞකාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යාත්‍රාව අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 500 දෙනෙකු පමණ සිට ඇති බවයි. එහි සිටි පුද්ගලයින් 100 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මහල් තුනකින් යුත් ඔබ්ජාන් නමැති මගී ප්‍රවාහන යාත්‍රාවේ ගින්න පළමුව එන්ජිමේ කාමරය තුළ ඇතිවන්නට ඇතැයි සැක පළ කෙරේ. අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.