by Sagarika Chathumali 24-12-2021 | 2:55 PM
COLOMBO (News 1st) : විකුම් අතුල කළුආරච්චි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.
අද (24) පෙරවරුවේ කළුආරච්චි මහතාගේ දිවුරුම් දීම සිදුව ඇත්තේ, ජනාධිපති කාර්යාලයේදී ය.
අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේ ය.
විකුම් අතුල කළුආරච්චි මහතාගේ වසර 33ක සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාය ද වේ.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා මේ අවස්ථාවට එක්ව සිට ඇත.