LPL ශූරයා කවුද?

LPL ශූරයා කවුද? තීරණය අද..

by Staff Writer . 23-12-2021 | 8:38 AM

COLOMBO (News 1st) - ලංකා ප්‍රීමියර් ලීග්(LPL) 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) පැවැත්වේ.

ඒ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් දෙක අතරයි. තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් තරග 6 ක් ජයග්‍රහණය කර තරග 2 ක් පරාජ වී තිබේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් 4 ක් ජයග්‍රහණය කර තරග 4 ක් පරාජ විය.