වල්සපුගල ගොවි සටන

වල්සපුගල ‌ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ

by Staff Writer . 23-12-2021 | 8:12 AM

COLOMBO (News 1st) - ගැසට් කළ වන අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාත්මක කරන්නැයි , රජයට බලකරමින් හම්බන්තොට, වල්සපුගල, වලව වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වේ

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි, ඉල්ලමින් පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගලදී ඇරඹූ දින 105 ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ,ඊට විසඳුම් දෙන බවට බලධාරීන් පොරොන්දුවීමෙන් පසුව ය. නමුත් තවමත් ප්‍රායෝගික විසඳුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගොවීන් පෙරේදා (21) සිට යළිත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වේ.