ජීවිත 03ක් බිලිගත් රිය අනතුරු

රිය අනතුරු 03කින් ජීවිත 03ක් අහිමි වෙයි

by Staff Writer . 23-12-2021 | 11:19 AM

COLOMBO (News 1st) - තඹුත්තේගම, අනුරාධපුර හා මහියංගනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේදී වෑන් රථයක් අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. අනුරාධපුර, පුලියන්කුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් 53 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. මහියංගනය, 48 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති අතර පොලිසිය සඳහන් කළේ, අනතුර සිදුකර පලාගිය රථය සහ රියැදුරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ය.