by Staff Writer . 23-12-2021 | 8:51 AM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේ ය.
ඒ ගතවූ පැය 24 තුළයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,වසංගතය ආරම්භ වූ දා සිට එරටින් වාර්තා වූ වැඩිම ආසදිතයින් සංඛ්‍යාව එය වන බව ය.
ඒ අනුව වාර්තා වූ එම නව ආසාදතයින් සංඛ්‍යාව 106,122 කි.
ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සීඝ්‍ර ලෙස බ්‍රිතාන්‍ය පුරා ව්‍යාප්ත වන බව එරට බලධාරීන් පවසයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් 25,000කට අධික සංඛ්‍යාවක් එරටින් වාර්තා වී තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනයෙන් සිදුවූ බවට සැකකෙරන කොරෝනා මරණ සංඛ්‍යාව 18 කි.
නමුත් ආසාදිතයින් වැඩි වුවත් නත්තලට පෙර කොරෝනා නව සීමාවන් හඳුන්වා නොදෙන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ .