ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සැමරුම

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 23-12-2021 | 8:43 PM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77 වන සැමරුම අද(23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සැමරුම් උත්සවය පැවැත්වුණේ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී ය. මෙහිදී ජනාධිපතිවරයා සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹුවේ ය. සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ පිරිස් ඇගයීම ද මෙහිදී සිදු විය. ගුවන් ගමන් නියාමනය හා සම්බන්ධීකරණය සඳහා 1944 දී රටවල් 26 ක එකතුවෙන් චිකාගෝ සම්මුතියට අත්සත් තැබීමෙන් පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය බිහිවිය. ශ්‍රී ලංකාව 1948 දී මෙම සංවිධානයේ සමාජිකත්වය ලබාගත් අතර අද වනවිට මෙහි සාමාජික සංඛ්‍යාව 193 කි.