by Staff writer 23-12-2021 | 3:05 PM
COLOMBO (News 1st) – පොහොර ගෙන්වූ චීන සමාගමට මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට හා දේශීය නැව් සමාගමට එරෙහිව පනවා ඇති වාරණය ජනවාරි 6 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කෙරිණ.
අදාළ වාරණය ඉවත් කරනවාද? නැද්ද ? යන නියෝගය ජනවාරි 6 වැනිදා ප්‍රකාශ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද තීරණය කළේය.
චීනයේ චින්දා ඕ සීවින්ග් සමාගමෙන් ගෙන්වූ කාබනික පොහාරවල බැක්ටීරියා හඳුනා ගැනීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණායේදී මෙම නඩුව පැවරිණි.
මෙම නඩුව ගොනු කළේ , සීමාසහිත පොහොර සමාගම හා කෙමර්ෂල් පොහොර සමාගමයි.
චීන සමාගමේ දේශීය නියෝජිතයින්ට ණයවර ලිපි මගින් මුදල් ගෙවීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ වාරණය පනවා තිබේ.
එය අදත් සලකා බැලුණේ, කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවන් වන ප්‍රදීප් හෙට්ටිආර්චි හා ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් හමුවේ ය.