by Staff writer 22-12-2021 | 3:39 PM
COLOMBO (News 1st) - පෞද්ගලික සමාගමකට අයත් නියමුවන් පුහුණු කිරීමේ සැහැල්ලු ගුවන් යානයක්, පානදුර - කළුතර අතර ප්‍රදේශයකට හදිසියේ ගොඩබස්වා තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, යාන්ත්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම යානය හදිසියේ ගොඩබස්වා ඇති බව ය.
පුහුණුවන නියමුවා සහ උපදේශකවරයෙකු එම අවස්ථාවේ යානය තුළ සිට තිබේ.
ඉන් ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නැතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
https://youtu.be/doP5LwmZntU