by Staff Writer . 22-12-2021 | 1:21 PM
COLOMBO (News1st) : ගම්පොළ ප්‍රදේශයේදී පහරදීමකින් බාලවයස්කාර දැරියක මියයාම පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ගම්පොළ මවුන්ටම්පල්හි පදිංචි 14 හැවිරිදි දැරියකි.
පොලීසිය පැවසුවේ ප්‍රේම සම්බන්ධයෙන් හේතුකොට ගෙන ඥාතියෙකු විසින් පසුගිය 19 වැනිදා ඇයට පහරදී ඇති බවයි.
පසු දැරියගේ පියා ද ඊයේ අලුයම දැරියට පහරදී ඇතැයි, වාර්තා වේ.
පොලීසිය පැවසුවේ මව විසින් අසල නිවසකට රැගෙන යාමෙන් අනතුරුව ඇය සිහිසුන්ව ඇති අතර ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පියා සහ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.