by Staff writer 22-12-2021 | 4:33 PM
COLOMBO (News 1st) - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වී තිබේ.
ඒ හේතුවෙන් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය .
විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අද රාත්‍රි 6.00 ත් 9.30ත් අතර කාලය තුළ එම විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ය.
විනාඩි 45 ත් 30 ත් අතර කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.
විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කළේ කප්පාදුව සිදුකෙරන ප්‍රදේශ නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ය.
https://youtu.be/3-ZVpoPST18