by Staff Writer . 22-12-2021 | 10:13 AM
COLOMBO (News1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේ දී ලොරියක් සහ බවුසරයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේ දී මත්තල දෙසට ගමන් කරමින් තිබූ ඉන්ධන බවුසරයක් මෙලෙස ගැටී ඇත්තේ, එම දිසාවට ම නවතා තිබූ ලොරි රථයකයි.
සෝලා පැනල් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ ලොරිය නවතා එහි රිය සහයක, සෝලා පැනල් සවිකර තිබූ රැහැන් ගැලවී ඇද්දැයි පරීක්ෂා කරමින් සිටියදී පිටුපසින් පැමිණි බවුසරය ලොරියේ ගැටී තිබේ.
අනතුරින් ලොරියේ සහයක ලෙස කටයුතු කළ පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ බවුසරයේ රියැදුරු සහ රිය සහයක මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 72 සහ 61 වයසේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.
මෘත ශරීර මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.