හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී  CIDය හමුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDය හමුවට

by Staff Writer . 21-12-2021 | 10:12 AM

COLOMBO (News 1st): අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපොර්තමේන්තුවට පැමිණියේ ය.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා මලල්ගොඩ කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හමුවේ ද සාක්ෂි ලබා දුන්නේ ය. රවි සෙනෙවිරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැය 14 ට අධික කාලයක් ප්‍රකාශ ලබා දී තිබේ. 2012 සැප්තැම්බර් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් වූ රවී දෙනවිරත්න මහතා 2019 දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ගන්න විට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.