සමාජ මාධ්‍ය ඔස්සේ කූඨ ජාවාරම් කළ 7ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 21-12-2021 | 1:28 PM

COLOMBO (News 1st);  කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ තරු පන්තියේ හෝටලයක නතරවී සිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ, වලාන දූෂණ මර්දන ඒකකය ඊයේ රාත්‍රී සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වයස අවුරුදු 36 ක මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙකුත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 40 ත් අතර පසුවන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිසක් වන මෙම සැකකරුවන් සමාජ මාධ්‍ය ජාලා හා විවිධ උපක්‍රම භාවිත කරමින් මහජනතාවගෙන් කූඨ ලෙස මුදල් උපයා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණෙන එවැනි කූඨ ජවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි.