ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසීන්ගෙන් කළ ඉල්ලීම

ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසීන්ගෙන් කළ ඉල්ලීම

by Staff writer 21-12-2021 | 11:59 AM

COLOMBO (News 1st) : ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම් තාවකාලිකව අවලංගු කරන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනෝම් පැවසුවේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර ගන්නා ලෙසයි.  ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයෙන් ව්‍යාප්ත වන බවට සාධක දැන් ලැබී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට ලොව පුරා රටවල් 89 කින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වන බවයි.