by Staff Writer . 21-12-2021 | 1:48 PM
COLOMBO (News 1st); මඩකළපුව ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ කාන්තාව ඝාතනය කර ඇය සතු රන් භාණ්ඩ ද කොල්ලකා ඇති බවයි.
ඊයේ පස්වරුවේ එලෙස ඝාතනයට ලක්වුණේ, මඩකලපුව, බාර්පාර, අර්ෂඩ්හි පදිංචි 47 හැවිරිදි කාන්තාවකි.
පොලීසිය පැවසුවේ වසරක පමණ කාලයක සිට ඇය සමග සබඳතා පැවැත්වූ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර, රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවයි.
අවුරුදු 27 හා 47 යන වයස්වල පසුවන අදාළ සැකකරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුවූ ස්ථානය, අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරින්, ඇඟිලි සලකුණු නිලධාරින් හා මඩකලපුව මහේස්ත්‍රාත්වරයා පරීක්ෂා කළ බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර මඩකළපුව රෝහලේ තැනපත් කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.