එ.ජා. නියෝජිතයින් හමුවේ යළිත් සහතිකයක්

''සංහිඳියාව, මානව හිමිකම් සම්බන්ධයෙන් දේශීය ක්‍රියාවලියට කැපවනවා'' - ජී.එල්. UN නියෝජිතයින්ට කියයි

by Staff Writer . 20-12-2021 | 1:40 PM

COLOMBO (News 1st) : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ යෝජිත සංශෝධන සහ සංහිඳියාව මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් දේශීය ක්‍රියාවලියට කැපවන බව, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් ජාතින්ගේ නියෝජිතයින්ට යළි සහතික කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිපික් කලාපීය කාර්යාංශ අධ්‍යක්ෂ කන්නී විග්නරාජා මහත්මිය හමු වූ අවස්ථාවේදී ය. අදාළ විෂයන් සම්බන්ධයෙන් ප්‍රගතියක් ළඟා කර ගැනීමට රජයේ කැපවීමක් ඇතැයි විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත. කන්නී විග්නරාජා මහත්මිය පවසා ඇත්තේ, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දක්වන බවයි.