by Staff writer 20-12-2021 | 3:37 PM
COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ ගෑස් අනතුරු හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇතැයි, අනාවරණ විය.
ඒ, පොලීසියට වාර්තා වී ඇති තොරතුරු අනුව අදාළ කාලසීමාව තුළ ගෑස් අනතුරු හේතුවෙන්, පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දේපළ හානි වීම් 18 ක් වාර්තා වී තිබේ.
වසරේ මේ දක්වා කාල සීමාව තුළ පොලීසියට වාර්තා වී ඇති ගෑස් අනතුරු සංඛ්‍යාව 847 කි.