ලොරියක ගැටී පොලිස් සැරයන්වරයෙක් මරුට

ලොරියක ගැටී පොලිස් සැරයන්වරයෙක් මරුට

by Staff writer 20-12-2021 | 8:32 AM

COLOMBO (News 1st) –  අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , අදාළ පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදිය, ලොරියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා, ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි. තන්තිරිමලය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මියගිය පොලිස් සැරයන්වරයාගේ වයස අවුරුදු 44 කි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.