by Staff writer 20-12-2021 | 11:15 AM
COLOMBO (News 1st) : කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසීය සඳහන් කළේ , දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
පසුගිය 16 වැනිදා සිදුවූ ගැටුමින් තුවාල ලබා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19)රාත්‍රියේ ඔහු මියගොස් තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , ශාන්තපුරම් ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය සඳහන් කළේ ය.