English
தமிழ்
කර්තෘ Staff writer
20 Dec, 2021 | 10:58 am
අදාළ වන්දි මුදල් ලැබී නොමැති නිසා තමන් විශාල අර්බුද රැසකට මුහුණ පා ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවර ජනතාව පවසයි.
නෞකාව තිබූ විෂ රසායක කාන්දුවීමෙන් මුහුදට සිදුවූ බලපෑම හේතුවෙන් තවමත් මේ ප්‍රජාව පීඩා විඳී.
මෙම සිදුවීමෙන් අනතුරුව දිවයින් සිව්දෙසින් මිය ගිය මුහුදු ජීවින් ගොඩ ගැසූ අතර ඉන් සාගරයට සිදුවූ හානිය තවමත් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්කර නැහැ.
මේ වනතෙක් අදාළ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වන්දි මුදල ඩොලර් මිලියන 3.6 ක් පමණි.
ධීවර ජනතාවගේ අදහස් ..
තාම නම් කිසිම වන්දියක් ලැබිලා නැහැ ධීවරයින්ට. මීගමුව කොළඹ කලාපයේ මත්ස්‍ය සම්පත අඩුවෙලා තියනවා වන්දි අද දෙනවා හෙට දෙනවා කිව්වට තවම ලැබිලා නැහැ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවක් ගිලුණේ නෑ වගේ
සාධාණයක් වෙලා නෑ . මේ ධීවරයින්ට විනාශයක් වුණාද ? මහ මුහුදට මෙහෙම නෞකාවක් ආවද කියලවාත් ඇමතිවරු දන්නෙත් නෑ ජනාධිපතිතුමා දන්නෙත් නෑ .
ඇතිවිච්ච බලපෑම තවම පහවෙලා නෑ මාලු අස්වැන්නක් නෑ . නැව ඉවත්කරනග්නවා කිව්වා ධීවරයින්ට වන්දි දෙනවා කිව්වා කිසිම වන්දියක් නැහැ . පොහොර නැවක් ගෙනල්ලා ඒක ආපහු හරවලා යවලා කෝටි ගාණක් වන්දි ගෙවන්න යනවා මේ ධිවරයෝ ගැන කතා කරන්න මොකද අපට තානාපති කාර්යාල නෑනේ.
නෞකව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ වියදම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 2.57 ක මුදලක් ගෙවීමට එකඟත්වට පලවී ඇතත් මෙම ඛේදවාචකයෙන් සිදුවූ සමස්ත හානියට අදාළ වන්දි මුදලක් මෙතෙක් නිර්ණය කර නැහැ.
ශ්‍රී ලංකාවට මුහුදු සීමාවේදී සිදුවන අනතුරුවලදී ලබාගන්නා උපරිම වන්දි මුදල ලබාගත නොහැකිව ඇත්තේ මෙරට නීතිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව විගණන පරීක්ෂණයකදී අනාවරණය විය.
එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාවේ අනතුරුදායක භාණ්ඩ බාහලුම් 81 ක් ප්‍රවාහනය කර තිබූ අතර එහි නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් අන්තර්ගත විය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ ගිලී මේවනවිට මාස 7 කි.
ලෝකයේ වෙනත් රටවල මෙවැනි අනතුරු සිදුවූ විට ඩොලර් මුදල බිලියන ගණනින් වන්දි ලබාගැනීම සිදු කරයි.
නමුත් අපේ රටේ මෙවැනි මහා විනාශයක් සිදුව තිබෙද්දීත් අදාළ අංශ අනුගමනය කරන්නේ, ඇල් මැරුණු පිළිවෙතකි.
මේ අතර පසුගිය ඔක්තොම්බර් මස 24 වෙනිදා උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජිවීන් සහිත කාබනික පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකා මුහුදට පැමිණි හිපෝ ස්ප්රිට් නෞකාව චීනයට ළඟාවී තිබේ.
ඒ ප්රතික්ෂිත පොහොර තොගය සදහා චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම වෙත ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් පසු ය.
ලංකාවේ චීන තානාපති කාර්යාලය දැඩිව බලපෑම් කර මේ පොහොර තොගයට අදාළ ගෙවීම ලබා ගත්තේ ය.
26 Jun, 2022 | 09:18 PM
26 Jun, 2022 | 05:09 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS