මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය තරුණයින් 12ක් කොටු

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් 12ක් අත්අඩංගුවට..

by Staff writer 19-12-2021 | 4:14 PM

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් සහ කේරළ ගංජා පොලිසිය භාරයට ගෙන තිබේ. අවුරුදු 20 ත් 30 ත් වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අනුරාධපුර , රාගම සහ කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.