by Staff writer 19-12-2021 | 11:00 AM
COLOMBO (News 1st) - කිලිනොච්චිය සිට කතරගම බලා ධාවනය වූ , වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් පදියතලාව ප්‍රදේශයේදි අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබිණි.
පොලිසිය සඳහන් කළේ , බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව ය.
අධික වේගය අනතුරට හේතුවී ඇති අතර බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 47 කි.