by Staff writer 19-12-2021 | 3:11 PM
COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(20) පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල එම වර්ජනය ක්‍රියාත්මක බවය.
හෙට පෙරවරු 8.00 සිට වර්ජනය ක්‍රියාත්මක වන්නේ මාරු මණ්ඩල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනියුක්ත කිරිමට විරෝධය පළ කරමින් ය.
වර්ජනයක් පැවතිය ද හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වනු ඇති.