ගිනි අවියක් හා පතොරම් රැසක් සමග පුද්ගලයෙකු කොටු

ගිනි අවියක් හා පතොරම් රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 19-12-2021 | 9:10 AM

COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු රඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී මිලිමිටර් 9 වර්ගයේ පතොරම් 126ක්, T56 පතොරම් 01ක් සහ SG 20 වර්ගයේ පතොරම් 02ක් සොයාගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙකි. ඔහු රඹුක්කන දළුඅග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු ඊයේ(18) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරිණි.