COLOMBO (News 1st) : විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පැවති 96 වැනි විසිර යාමේ පෙළපාලිය පිළිගනිමින් ය.
උත්සවය භූමියට පැමිණි ජනාධිපතිතුමා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිරයාමේ පෙළපාලිය නිරීක්ෂණය කළේ ය.
පාඨමාලා කාණ්ඩ 5 ක් යටතේ පුහුණුව නිමකළ කෙඩේට් නිලධාරින් 316 දෙනෙකු මෙහිදී විසිර ගියේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
විශේෂයෙන්ම නිලධාරීන් වශයෙන්, ඔබ, ඔබේ නායකත්ව කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතුයි. කවදා හෝ ඔබ අතරින් කෙනෙකු හමුදාපති විය හැකියි. ඒ වගේම සමස්ත සංවිධානයට හා එහි සිටින සාමාජිකයන්ට වගකිව යුතු අයකු වනු ඇති. ඔබ මේ ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමක්. ඔවුන්ගේ නායකයා ලෙස ඔබ යටතේ සිටින පුද්ගලයන් ගැන , දැනගෙන සිටිය යුතුයි. ඔබට ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත් නායකයෙකු ලෙස හැකියාවන් පෙන්වීමටත් ඔබට හැකි වන්නේ එවිට යි. ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයන් අභිප්‍රේරණය කරන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍යයි. තරුණ නිලධාරීන් වශයෙන් ඔබට පැවරී ඇති වගකීම් උපරිමයෙන් ඉටු කරමින්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඔබ සැමට තිබෙනවා. ඔබට උරුම පරිසරය අප අත්විඳි පරිසරයට වඩා බොහෝ ආරක්ෂිත සහ ස්ථාවර එකක් වුණත්, ඔබගේ හමුදා සේවා කාලය තුළ සුවිශේෂි ප්‍රතිඵල ගෙන දෙන තීරණාත්මක තීරණ ගැනීමට ඔබව කැඳවන අවස්ථා ඔබට හමුවනවා ඇති. එවැනි අවස්ථාවන්වලදී ඔබේ පුහුණුව, සහජ බුද්ධිය සහ අත්දැකීම් විශ්වාස කිරීමට සහ බියෙන් තොරව තීරණ ගැනීමට ඔබට ධෛර්යය තිබිය යුතුයි. ඉඳහිට ඔබ අතින් ඉහළ මට්ටමේ වැරදි සිදුවීමට ද ඉඩ තිබෙනවා. අසාර්ථක වීම් ජීවිතයේ කොටසක්. ඔබ ඒවායින් පසුබට නොවිය යුතුයි. ඔබ අසාර්ථක වීමට බිය නම්, නිර්භීත තීරණ ගැනීමට ඔබ ඔබව දිරිමත් නොකරන අතරම, තීරණාත්මක නොවීම හේතුවෙන්ම ඔබ කෙසේ හෝ අසාර්ථක වනු ඇති. එබැවින් ධනාත්මක චින්තනය ඉතා වැදගත්. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ ඔබ, ඔබ ගැනම හා ඔබ කණ්ඩායමේ සිටින අය කෙරෙහි තබන විශ්වාසය ඔබේ සාර්ථකත්වයේ හදවත වනු ඇති.