තවත් ගෑස් නැවක් මෙරට මුහුදු සීමාවට..

තවත් ගෑස් නැවක් මෙරට මුහුදු සීමාවට..

by Staff writer 18-12-2021 | 12:12 PM

COLOMBO (News 1st) : තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා පැවසුවේ, අදාළ නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීම අද(18) දිනයේ සිදු කරන බවය. ඕමානයේ සිට මෙම නෞකාව මෙරටට පැමිණ ඇතැයි ඔහු සඳහන් කළේ ය. මේ අතර අද සිට යළිත් ගෑස් වෙළෙඳපොළට මුදා හැරීම ආරම්භ කරන බව, ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර විසඳුම් සෙවීමට පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව, ලබන සඳුඳා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට තීරණය කර තිබේ.