තවත් කොවිඩ් ආසාදිතයින් 14 ක් මියයයි

 තවත් කොවිඩ් ආසාදිතයින් 14 ක් මියයයි

by Staff writer 18-12-2021 | 9:25 PM

COLOMBO (News 1st) : කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

මිය ගිය අය අතරින් 09 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 05 දෙනා කාන්තාවන් ය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,734 කි. කොවිඩ් ආසාදිතයින් 508 දෙනෙකු අද මේ වනවිට මෙරටින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 578,947 ක් ලෙසය.