ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා

ඔමික්‍රෝන් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදු වෙනවා - සෞඛ්‍ය අංශ

by Staff writer 18-12-2021 | 9:58 AM

COLOMBO (News 1st) : ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, එම තත්ත්වය තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් තවදුරටත් මෙරටින් හමුවිය හැකි බවයි. බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට මුහුණ දීමේ හැකියාව 75 % වඩා වැඩි බව ද, විශේෂඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ ය.