by Staff Writer . 17-12-2021 | 3:04 PM
COLOMBO (News 1st) : විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් පිහිටි ශ්‍රී ලංකා කොන්සල්ජනරල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බවයි.
සේවා අවශ්‍යතා සහ දැරීමට සිදුවන වියදම් පිළිබඳ අවධානය යොමු කර, මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මේ අනුව, නයිජිරියානු තානාපතිවරයා බුරුම රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත අතර සයිප්‍රසයේ කොන්සල් ජනරල්වරයා මේ වන විටත් මෙරටට පැමිණ ඇති ඇත.