තවත් ගමක පවස නිවා ලූ ගම්මැද්ද...

ගම්මැද්දෙන් අත්නොහැරුණු තවත් ගමක පවස නිවෙයි

by Staff Writer . 17-12-2021 | 1:14 PM

COLOMBO (News 1st) : මාතලේ ඉහළ දිග්ගල ගම්මානයේ ජනතාව පිරිසිදු ජල බිඳක් වෙනුවෙන් තැවෙන්නේ, පරම්පරා ගණනාවක සිටයි.

අවුරුදු ගණනාවක් හඬ තැලුවත් මේ හඬට කන් දුන්නේ කවු ද? දේවහුව ඉහළ දීග්ගල ගමේ පවුල් 300කට ම තියෙන්නේ ගමේ ඉස්කෝලේ තියෙන කුඩා ජල පෙරණය පමණයි. එහෙම නැතිනම් සල්ලිවලට වතුර ගත යුතුයි. ගොවිතැනට පොහොර නැහැ. ඒ නිසා ,ගොවිතැන් නැහැ. කොරෝනා නිසා කුලී වැඩ නැහැ. එතකොට වතුර ගන්න සල්ලි කෝ? බැරිම තැන ගමේ වතුර බිව්වම වකුගඩු රෝග. ඒ නිසා පිපාසය කියන්නේ මේ ගමේ ජීවිතයේ කොටසක්. වතුර ඉල්ලලා කෑ ගහලා ම මේ මිනිස්සුන්ගෙ උගුරු වේලිලා .ඒත් ගම්මැද්ද ඔවුන්ව අත්හැරියේ නැහැ. අද මේ ගමට නව පිරිපහදු ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබෙන්නේ නාවික හමුදාවේ පූර්ණ තාක්ෂණික අධීක්ෂණය යටතේ ඉක්මනින් වතුර දීමේ අරමුණිනි.