තවත් කොරෝනා මරණ 22 ක් ...

තවත් කොරෝනා මරණ 22 ක් ...

by Staff writer 17-12-2021 | 8:27 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 22 ක් අද(17) වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම මරණ ඊයේ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු වේ. මියගිය පුද්ගලයින් 22 දෙනා අතුරින් 19 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් ය. අනෙක් පුද්ගලයින් 03 දෙනා වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.