ගිනිඅවි දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..

ගිනිඅවි 2 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff Writer . 17-12-2021 | 2:20 PM

COLOMBO (News 1st) : මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු උඩුගම සහ පාදුක්ක ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කලේ, ලද තොරතුරක් මත කළ වැටලීමක දී උඩුගම - හෝමදොලගම ප්‍රදේශයේ දී 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහු උඩුගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ එක් පතොරමක් සමඟ තවත් සැකකරුවකු පාදුක්ක මාහිංගල - මීරියගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 37 හැවිරිදි හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.