ආදම්ගේ පාලමත් චීන තානාපතිගේ ඇස ගැටෙයි

ආදම්ගේ පාලමත් චීන තානාපතිගේ ඇස ගැටෙයි

by Staff Writer . 17-12-2021 | 1:50 PM

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා අද (17) තුන්වැනි දිනටත් උතුරු පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ මන්නාරම පිහිටි ආදම්ගේ පාලම නිරීක්ෂණය කළේ ය. දින තුනක් උතුරේ ගත කරන ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සංචාරය ඇරඹුවේ පෙරේදා යාපනය පේදුරු තුඩුවෙනි. චීන තානාපතිවරයා ඊයේ යාපනය අරියාලෙයි මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද එක්ව සිටියේ ය. පසුව යාපනය ධීවර සංගම් සම්මේලන කාර්යාලයට පැමිණි චීන තානාපතිවරයා ධීවරයින්ට උපකරණ බෙදා දීමක් සිදු කළ අතර පසුව ඓතිහාසික නල්ලූර් කන්දසාමී කෝවිල වෙත පැමිණියේ ය. පස්වරුවේ තානාපතිවරයා මන්නාරම දිස්ත්‍රික්කයේ ද සංචාරයක නිරත විය.