by Staff Writer . 16-12-2021 | 10:10 AM
COLOMBO (News 1st) – මොරටුව, මොරටු මුල්ල ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය.