මුහුදු කූඩැල්ලන් බලන්න අරියාලෙයි ගිය චීන තානාපති

මුහුදු කූඩැල්ලන් බලන්න අරියාලෙයි ගිය චීන තානාපති

by Staff Writer . 16-12-2021 | 4:09 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා අද (16) දෙවැනි දිනටත් උතුරු පළාතේ සංචාරයක නිරත වේ.

දින තුනක් උතුරේ සංචාරය කරන ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සංචාරය ඇරඹුවේ ඊයේ යාපනය පේදුරු තුඩුවෙනි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා අද යාපනය අරියාලෙයි පිහිටි මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද එක්ව සිටියේ ය. සංචාරය අතර තුර චීන තානාපති කී සෙන් හොං මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේ ය.
''ලංකාවත් චීනයත් අපි දෙගොල්ලොටම එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරන්න පුළුවන්. මම හිතනවා ඒකට මේක ආරම්භයක් කියලා. ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට අපි බැඳී සිටිනවා''
යාපනය ධීවර සංගම් සම්මේලන කාර්යාලයට පැමිණි ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා ධීවරයින්ට උපකරණ බෙදා දීමක් සිදු කළේ ය. චීන තානාපතිවරයා ඓතිහාසික නල්ලූර් කන්දසාමී කෝවිල වෙත පැමිණියේ ඉන් අනතුරුවයි. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා අද පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ද සංචාරයක නිරත වීමට නියමිතයි. https://www.youtube.com/watch?v=k0oIdUAj7sk&t=1s