බ්‍රිතාන්‍යයෙන් දෛනික ආසාදිතයින් 78,610ක්

බ්‍රිතාන්‍යයෙන් වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක්

by Staff Writer . 16-12-2021 | 9:12 AM

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා විය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වාර්තා කළේ, ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 78,610 දෙනෙකු හඳුනා ගත් බවයි. මීට පෙර බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වී තිබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මේ වසරේ ජනවාරි 8 වැනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව වූයේ, ආසාදිතයින් 68,053 කි. එම සංඛ්‍යා ලේඛන පදනම් කර ගනිමින් පසුගිය ජනවාරි මාසයේ රට වසා දැමීමට ද බ්‍රිතාන්‍ය බලධාරීහු පියවර ගත්හ. ඊයේ දෛනික ආසාදිතයින් ඉහළ යාම හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවධාරණය කර ඇත්තේ, නත්තල් සමයේදී පුද්ගල ඒකරාශී වීම් අවම කිරීමට පියවර ගත යුතු බවයි. සෑම පුද්ගලයෙකුම බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.