තවත් ගෑස් නැවක් කොළඹට..

තවත් ගෑස් නැවක් කොළඹට.. ප්‍රමිතිය පරීක්ෂා කිරීම ඇරඹේ

by Staff Writer . 16-12-2021 | 8:31 AM

COLOMBO (News 1st) – ගෑස් මෙට්‍රික් ටොන් දෙදහසකට අධික තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, එම නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගත් බවයි. එම සාම්පල පරීක්ෂා කිරීම සඳහා ආයතන දෙකකට යොමු කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර, මෙරටට ළඟා වූ ගෑස් නෞකාවක, මර්කැප්ටන් රසායනිකය නිසි ප්‍රමිතියට අන්තර්ගත නොවීම හේතුවෙන්, එම ගෑස් තොගය වෙළඳපොළට මුදා හැරීම අත්හිටුවීමට පාරිභෝගික කටුයතු අධිකාරිය ඊයේ පියවර ගත්තේ ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, පවතින තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් පවතින බවයි.