අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදහස්

අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

by Staff Writer . 16-12-2021 | 12:13 PM

COLOMBO (News 1st) – නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේ ය.

විත්තිකරුවට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කළේ ය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනාට නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා සම්බන්ධයෙන් විත්තියේ සාක්ෂි කැඳවා විභාගයක් කැඳවීමට තීරණය කළ විනිසුරුවරයා එම නඩුව ලබන ජනවාරි 21 වැනිදා කැඳවිමට ද නියෝග කළේ ය.