කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරේ

වව්නියාවේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 15-12-2021 | 4:46 PM

COLOMBO (News 1st) - වව්නියාව, සේනපිලව් ප්‍රදේශයේදි වෙඩි තබා කාන්තාවක ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ 33 ඊට්ටුමුරින්ජාන් ,ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඇය සිය මව සමග යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති. කැළෑව තුළ සැඟව සිට මිය ගිය කාන්තාවගේ මස්සිනා මෙම වෙඩි තෑබීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වව්නියාව රෝහලට රැගෙන යාමට නියමිත ය. වෙඩි තැබූ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය